Thursday, April 15, 2021

ජනප්‍රවාදයේ කියැවන විජය රජුගේ සොහොන



ශ්රී ලංකා ලිඛිත ඉතිහාසයට අනුව ලංකාවට සිදු වූ ප්රථම ආර්ය සංක්රමණය ක්රිස්තු පූර්ව හයවෙනි සියවසේ සිදු වූ විජයාවතරණයයි. බුදු රජාණන්වහන්සේ පිරිවන් පෑ දින ම ( මහාවංසය) හෝ ඉන් දින හතකට පසුව (රාජාවලිය) විජය ඇතුළු සත් සියයක පිරිස ලංකාවට පැමිණි බව සැලකෙයි. ආර්ය සංක්රමණයෙන් අනතුරුව ආර්යන් ලංකාවේ පිහිටුවා ගත් රාජධානියේ ප්රථම පාලකයා විජය රජු බව වංස කථා අධ්යයනයේ දී පෙනී යයි. වසර තිහක පමණ කාලයක් තම්බපණ්ණිය අගනගරය කරගනිමින් ලංකා රාජ්ය කටයුතු සිදු කළ මෙතුමා මිය ගිය පසුව භෂ්මාවශේෂ තැම්පත් කර සැදූ ස්මාරකයක් පිළිබඳ ජනප්රවාද වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්රික්කයේ පඬුවස්නුවර ප්රදේශයෙන් අසන්නට ලැබෙයි. මේ එම ස්ථානය පිළිබඳ කෙරෙන කෙටි හැදින්වීමකි.
පිහිටීම.
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්රික්කයේ නැගෙනහිර පඬුවස්නුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඳුබොඩ ග්රාම නිලධාරී වසමේ පිහිටා ඇති අතර හලාවත මාර්ගයේ කොට්ටම්පිටිය හංදියෙන් 3km ක් මාවීඇල හෙට්ටිපොළ මාර්ගයේ පැමිණි විට ග්රාමය තුළ ඇති කඳුබොඩ ආරණ්ය සේනාසනයේ මෙම සොහොන් ස්මාරකය හමුවෙයි.
ජනප්රවාද
විජය රජු තමා හට විවාහ වීමට ගෙන ක්ෂත්රීය කන්යාව විල්බාව ප්රදේශයේ ගල් ලෙනක කුවේණියට හොරෙන් සඟවා තබා ඇත ඒ කුමරියගේ ආරක්ෂාවට ගොළු සෙනෙවියෙකු ද සමඟ ය. මේ පිළිබඳ කණ වැකුණු කුවේණිය විජායි කුමරිය මැරීමට එම ගල්ලෙන සොයා ගිය අතර ගල්ලෙනේ යතුරු සිදුරෙන් බලන විට රූමත් විජායි කුමරිය දැක ඇත. ඇය පිළිබඳ ඇති කරගත් අධික වෛරයෙන් යතුරු සිදුරෙන් දිව දමා ඇය මැරීමට කුවේණිය උත්සාහ ගෙන ඇත. එම අවස්ථාවේ මස් ගොබයක් පරිද්දෙන් දිව පැමිණෙන බව දුටු ගොළු සෙනෙවියා තම කඩුව ගෙන කුවේණියගේ දිව කපා තිබෙයි. හටගත් අධික වේදනාවෙන් කෑ ගසමින් ලේ පෙරමින් මරහඬ තලමින් දිව ගිය කුවේණිය වර්තමාන මොරගොල්ලාගම මාර්ගයේ ඇහැටුවැව නම් ස්ථානයේ මැරී වැටී ඇත. මෙම ස්ථානයේ කුවේණි දෙවොල නම් දේවාලයක් ඇති අතර අදට ද ජනතාවගේ දුකට පිහිට වන දෙවඟනක් ලෙස කුවේණිය පූජා ලබයි.
අනතුරුව විජය රජු මෙම පුවත සැලවී වහා පැමිණ ඇයගේ දේහය විල්බාවට ගෙන ගොස් ආදාහනය කරවා විල්බාවට බටහිරින් පිහිටි බඹරගල කන්දේ තැම්පත් කර ඇත. මෙම අවස්ථාවේ තමා අසල සිටි උපතිස්ස ඇමති අමතා කෙදිනක හෝ තමන් මිය ගිය පසු තමා භෂ්මාවශේෂ ද කුවේණියගේ සොහොන අසල තැම්පත් කරන ලෙස විජය රජු ඉල්ලීමක් කර තිබෙන බව ජනප්රවාදයේ එයි. උපතිස්ස ඇමතිවරයාට යකුන්ගේ බලපෑම නිසා එම ඉල්ලීම ඉටුකිරීමට නොහැකි වූ බව සඳහන් වේ.
එම නිසා විජය රජු මියගිය විට උපතිස්ස ඇමති රිදීකන්ද නම් ස්ථානයේ දේහය ආදාහනය කර දෙමටව කන්දේ භෂ්මාවශේෂ තැම්පත් කළ බව සඳහන් වේ. වර්තමාන දෙමටව කඳු මුදුනේ ඇති ස්තූපය එම විජය රාජ සොහොන යැයි බොහෝ දෙනෙකු විශ්වාස කරයි.
1987 දී පමණ මෙම ස්තූපය පුරාවිද්යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කළ බව සඳහන් වෙයි. එහි දී මංජුසාවක බහාලූ භෂ්මාවශේෂ හමු වූ බව ද දැක්වෙන නමුත් මේ වන විට එම වාර්තා සහ හමු වූ පුරාවස්තූන් පිළිබඳ කිසිදු වාර්තාවක් හමු නොවෙයි. මෙම ප්රදේශය ආශ්රිතව තිස්ස නම් මහරහතන් වහන්සේ නමක් වැඩ සිටි බවත් මෙය උන්වහන්සේ පිරිනිවන් පෑ පසු ශාරීරික ධාතූන් වහන්සේලා නිධන් කර සෑදූ ස්තූපයක් බවත් ඇතමෙක් ප්රකාශ කරති. එහෙත් බෞද්ධ ස්තූපයක සහ ඒ අවට තිබිය යුතු සඳකඩපහන්, මුරගල්, කොරවක්ගල්, පඩිපෙල, පුන් කලස් ආදී කිසිවක් මේ අවටින් හමු නොවන නිසා මෙය ස්ථීර ලෙස ම සොහොනක් බව පුරාවිද්යාඥයෝ පවසති.
වර්තමානය වන විට ද පුරාවිද්යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කොට පවත්වාගෙන යන පුරාවිද්යා ස්මාරකයක් වන අතර කඳු මුදුනෙහි ශෛලමය පීඨිකාවක් මත ස්මාරකය තනවා ඇත. ස්තූපය පීඨිකාවක් මත තිබුන ද ඒ මතට නැගීමට පඩි පෙලක් හෝ නැත. ජනප්රවාදයන්ට අනුව මෙම ස්මාරකය විජය සොහොන ලෙස සැලකුව ද මෙම ස්තූපය ක්රිස්තු වර්ෂ 10 සියවසේ දී පමණ කළ ඉදිකිරීමක් ලෙස පුරාවිද්යාඥයෝ පෙන්වා දෙති. ඒ ස්තූපය මුදුනේ ඇති පැරණි ගඩොල් මත ක්රිස්තු වර්ෂ 10 වන සියවසට අයත් අක්ෂර සදහන් වන බැවිනි.
උපතිස්ස අමාත්යවරයා තමාගේ ජනාවාසය මෙම ප්රදේශයේ ඉදිකරගත් බවත් එය තිස්ස ග්රාමය බවත් කියවෙන අතර අදට ද මෙම ප්රදේශයේ නාමය "තිස්සව" යන්නයි. තම නායකයා වූ විජයට ගෞරවය පිණිස ප්රදේශයේ ඉහළම ස්ථානය වූ දෙමටව කන්දේ භෂ්මාවශේෂ තැම්පත් කළ බව ඇතැම් පැරැන්නන් පවසයි.
පැරණි පුරාවිද්යා ස්මාරක සුරකිමින් අනාගත පරපුර වෙත දායාද කරමු.❤️ තෙරුවන් සරණයි !!!

No comments:

සිංහලයා ගැන නොදත් සිංහලුන්ට

ලොව මවිත කළ බොහෝ දේ ලෝකයට මුල්වරට දී ඇත්තේ සිංහලයන් බව අද දවසේ සිංහලයන්ගෙන් දන්නේ කීයෙන් කී දෙනා ද? ලොව මවිත කළ වැව් තැනීමේ කලාව (1153 - 118...