Thursday, January 17, 2019

රාවණා කල ලියැවුනු ග්‍රන්ථ




කුමාරතන්ත්‍රය - දරුවන්ට වැළදෙන විවිධ රෝග විග්‍රහ කිරීම , හැඳින ගැනීම , වර්ග කිරීම , ආදී ප්‍රතිකාර ක්‍රම මෙම කෘතියේ ඇතුලත්ය.



ඔඩ්ඩිස තන්ත්‍රය - රොගියා මෝහනයට ලක්කර ඔවුන්ගේ යටි සිත තුලින් රෝග විස්තර ලබා ගැනීම , ගුප්ත විද්‍යා ප්‍රතිකාර ක්‍රමයකි.



අර්ක ප්‍රකාශ - ශාකවල ඇති සාරය පැසෙන්නට හැර ජලය මිශ්‍ර කර එය උණුකර ඉන් නැගි වාෂ්පය සිසිල කර සාදා ගන්නා අරිෂ්ඪ , ආසව නිපදවීමට විස්තර කල ග්‍රන්ථයකි.

නාඩි ප්‍රකාශ - හදවතේ ගැස්ම ස්පර්ශ කරමින් රෝග මූලය හැඳින ගැනීම විස්තර කරයි . නාඩිය ස්පර්ශ කරන්නේ අතේ මැණික් කටුව අසල ඇති රුධිර නාලය ප්‍රයෝජනයට ගැනීමෙනි.

මර්ම විඥාන - නිල ශාස්ත්‍රය ගැන කියැවේ . නිල පිහිටි ස්ථාන නිලවල ප්‍රභල හා දුර්වල බව විස්තර කරයිබලවත් නිල පිහිටි ස්ථාන ස්පර්ශ කිරීමෙන් හා තදින් කම්පනය කිරිමෙන් සිදු කරන ප්‍රතිකාර මෙහි සඳහන්ය.

විධි වෛද්‍ය - වෛද්‍ය වරයෙකු සතු ගති පැවතුම් , ආචාර ධර්ම , සිරිත් - විරිත් මෙහි විස්තර කරයි.

අග්ණිමාලා ග්‍රන්ථය - උණුසුම ශක්තිය ලෙස යොදා ගැනීමේ විවිධ ප්‍රයෝගික විදි නිස්කර කරයි. විශාල පිපිරීමක් මඟින් විනාශ කිරීම සඳහා ද්‍රව්‍ය හා මන්ත්‍ර සංයෝග කරන අයුරු මෙහි දැක්වේබෝම්බ පුපුරවා හැරීම හා විසිකර පිපිරවීම පැහැදිලි කරයි.

අග්නි තන්ත්‍ර ග්‍රන්ථය - රස දිය මඟින් ගුවන් යානාජෙට් යානාඑන්ජින් ක්‍රයාත්මක කිරීම පීළිපබඳ විස්තර කරයි.
වෛමාණික බිමාන ශාස්ත්‍ර ග්‍රන්ථය - ගුවන්යානා තාක්ෂණය ගැන කියවෙන ග්‍රන්ථයකි.

මයමතය :- මෙය මහා ශ්‍රී රාවණ රජතුමාගේ මාමණ්ඩිය වූ මයදානමයින් හෙවත් විශ්වකර්‍මයා විසින් රචිත ග්‍රන්ථයකි . මෙය අදටත් වාස්තුවිද්‍යඥයෝ අත ගැවසෙන කෘතියකි.


ක්‍රියෝෂෝඩය ග්‍රන්ථය - මහා ශ්‍රී රාව පුත් කුමරුවන් ලියූ ග්‍රන්ථයකි . ගුවන් යානා (සහන්ගතය) මඟින් හඳට ගොස් හඳේ සිට ලෝසර් අවි (ආලෝක ප්‍රහාර) මඟින් පහරදීමේ ක්‍රමය මෙහි විස්තර වේ. මෙලෙස රාම රාවණ යුද්ධයේ දී මේඝනාද නම් වූ මහා ඉන්ද්‍රජිත් කුමරුවන් සදේ සිටපහරදුන් බව රාමායණය පවසයි . දැණට මේ ග්‍රන්ථය පිළිඹඳ ලෝක බලවතුන් පරීක්ෂණ පවත්වන බව ඔබට පෙන්වාදිය යුතුයි .

No comments:

සිංහලයා ගැන නොදත් සිංහලුන්ට

ලොව මවිත කළ බොහෝ දේ ලෝකයට මුල්වරට දී ඇත්තේ සිංහලයන් බව අද දවසේ සිංහලයන්ගෙන් දන්නේ කීයෙන් කී දෙනා ද? ලොව මවිත කළ වැව් තැනීමේ කලාව (1153 - 118...