හෙළ අසුර අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ මහා රාවණ යුගයයි. භාරතයේ හින්දුන් රාවණ නමට කොතෙක් බියද යන්න පැහැදිලි වන්නේ වාර්ෂික ‘‘දුසේරා’’ ආගමික උත්සවය පවත්වමින් රාවණ රූපය, පුලුස්සන නිසාය. රාමායණයේ ‘‘දසිස් රාවණ’‘ ලෙසද, සිංහල සාහිත්‍යයේ ‘‘රාවණ රවුළු’’ ලෙසද, යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගේ වරිගපූර්ණිකාවේ ‘‘රාවණ රණබා’’ ඔහු හැඳින්වේ. මෙම අවධියේ දකුණු අමෙරිකාවේ අන්දීස් කඳු මත පාතාල රාජ්‍යය දක්වා බටහිරටද දකුණු යුරෝපයේ රමණීය (රොමානියා) රට හා ඉතාලියේ රෝමාණු (රෝමය) සහ මැද දෙරණ (මධ්‍යධරණී) බැබිලෝනියාව ඇතුළු මැද පෙරදිගද, නැගෙනහිරට රමණක (ෆීජි දූපත්) දක්වාද මෙම සංස්කෘතික අධිරාජ්‍ය බටහිර නැගෙනහිර දෙසට ව්‍යාප්තව පැතිරී තිබුණි. මේ නිවර්තනික ජීවන රටාවයි. දකුණු යුරෝපයේ මධ්‍යධරණී මුහුද වටාද ධාන්‍යය, ඵළවළු, පලතුරු හොඳින් වගා වීම නිසා බලපෑම් ඇතිවුණි. අති පෞරාණික ලෝකයේ දක්නට ඇති විශාලම සංස්කෘතික කලාපය එයයි. ඒ තුළ රාවණ අවධිය විශිෂ්ට වන්නේය. මහා රාවණට පෙළපතක් ඇත.
රාවණ පෙළපතේ මුත්තා පුලස්ති
උත්තම දරුවන් ලැබීමේ න්‍යාය තුළ සෘෂිවරුන්ගෙන් හා මුනිවරුන්ගෙන් කාන්තාවන් දරුවන් ලබාගැනීමේ විධි ක‍්‍රමය තුළට රාවණගේ මව් පාර්ශ්වය හා පිය පාර්ශ්වය යන දෙපාර්ශ්වයම ඇතුළත්ය. පිය පාර්ශ්වයේ බලන විට විශ‍්‍රවස් පියා බලගතුම මුනිවරයෙකි. පියාගේ (විශ‍්‍රවස්) පියාද පුලස්ති නමැති බලවත් සෘෂිවරයාය. මව් පාර්ශ්වය ගත්විට මවගේ පියා නොහොත් සීයා වන සුමාලී රකුස් රජු කාශ්‍යප මුනිට දාව මන්දාත කුසින් බිහි විය. සමකාලීන ලෝකයේ බලවත්ම සෘෂි පාලකයා වීමට මහා රාවණට මෙසේ සූදානම් විය. සුමාලී රකුස් රජු තම දුව වන කෛකසී කුමරිය දරුවන් ලැබීම සඳහා විශ‍්‍රවස් මුනි වෙතට යැව්වේ අසුර අධිරාජ්‍යයට අනාගතයේදී උපද්‍රව ඇතිවිය හැකි නිසා බලවත් පාලකයකු ඇතිකර ගැනීමටයි.

පුලස්ති සෘෂි විසුවේ පුලස්තිපුර නොහොත් පොලොන්නරුවේය. ඔහු භාවනා කිරීම සඳහා අනුරාධපුරයේ වෙස්සගිරියේ පිහිටි තණචොඩක (සංස්කෘත තෘණබින්දු) සෘෂිවරයාගේ අසපුවට ආවේය. එහිදී තණ චොඩකගේ තරුණ දූවරුන්ගේ කෑගෑසීම්, සිනා ආදි ශබ්ද නිසා බාධා ඇතිවිය. ඉන් කෝපයට පත් පුලස්ති ප‍්‍රාර්ථනා කළේ තමා සමාධියෙන් නැගී සිට ඇස් ඇරියවිට පළමුවෙන් දකින තරුණිය ගැබ් ගනීවා යනුවෙනි. ඔහු පළමුවෙන් දුටුවේ තණචොඩක සෘෂිගේ දියණි හවිර්ගුය. ඇය ගැබ් ගත්තාය. ඇයට ලැබුණු දරුවා පසු කලෙක බලගතු මුනිවරයකු විය. ඒ විශ‍්‍රවස් මුණිය. අනුරාධපුර විශ‍්‍රවස්ගිරි නොහොත් වෙස්සගිරිය නම් වී ඇත්තේ විශ‍්‍රවස්ගේ නමිනි. තෘණබින්දු සෘෂිගේ අසපුව අසලම විශ‍්‍රවස් මුනිඳු විසූ බව සෙල්ලිපි අංක 88න් පැහැදිලි වේ. ලංකා ශිලාලිපි සංග‍්‍රහය I වෙළුම සංස්කරණය මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ දක්වයි. තණචොඩක නාමය විකෘතිකර ඇත.
අනුරාධපුර වෙස්සගිරි ලිපි: අංක 86 ගලෙහි ලිපිය තණචොඩක දතහ ලෙණෙ පුරාවිද්‍යා කියවීම ගණචොඩක දතහ ලෙණෙ (විකෘති කියවීම) වාපිත්, සෙම් (ත‍්‍රිදෝෂ) සංකල්පය ලොවට ඉදිරිපත් කළේ පුලස්ති සෘෂි බව සුශ‍්‍රැත සංහිතාව පවසයි.
රාවණ සීයා (විශ‍්‍රවස් මුනි)
තෘණ බින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ‍්‍රවස් මුනිද්‍ා වෙස්සගිරියේම විසූ නිසා එය ‘‘වෙස්සගිරිය’’ විය. ලංකා ශිලා ලේඛන සංග‍්‍රහය- I වෙළුම සංස්කරණය මහාචාර්ය පරණවිතාන මෙසේ දක්වයි ලිපිය අංක 88
තෘණ බින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ‍්‍රවස් මුනිද්‍ා වෙස්සගිරියේම විසූ නිසා එය ‘‘වෙස්සගිරිය’’ විය. ලංකා ශිලා ලේඛන සංග‍්‍රහය- I වෙළුම සංස්කරණය මහාචාර්ය පරණවිතාන මෙසේ දක්වයි ලිපිය අංක 88
ගලෙහි ලිපිය: පරුමක විසව පුත පරුමක...
පුරාවිද්‍යා කියවීම: පරුමක විසදව පුත පරුමක...
පුරාවිද්‍යා කියවීම: පරුමක විසදව පුත පරුමක...
1913 කියවීමේදී ‘‘විසව’’ තිබූ තැනට 1950 වන විට ‘‘විසදව’’ ලෙස ‘‘ද’’ යන්නත් මැදට පැන ඇත. බැරිවීමකින් 1913 දී නිවැරදිව කියවන්නට ඇත. විශ‍්‍රවස් මුනිගේ නම සඳහන් සෙල්ලිපි ගණනක්ම පුරාවිද්‍යාව විසින් සොයා ගනු ලැබීමෙන් වැළකී ඇත.
1. හොරොව්පතාන අසල වලස්තෙවුණ වැව ලිපිය. ‘‘පරුමක විසවගේ පුත් පරුමක රවණ ලෙණ.
2. එම වලස්තෙවුණ වැවම ‘‘පරුමක විසව පුත් විභීෂණගේ ලෙණ’’
3. මහනුවර අසල වේගිරිය දේවාලයේ ලිපිය ‘‘පරුමක විශ‍්‍රවස්ගේ පුත් පරුමක කුඹුක්කන්ගේ ලෙණ’’
4. හොරොව්පතානේ එරපොතාන ලිපිය ‘‘පරුමක විශ‍්‍රවස්ගේ පුත් පරුමක කුබිරගේ ලෙණ’’

මෙම ලිපි හතර සොයාගනු ලැබ ඇත්තේ නිදහස් පුරාවිද්‍යා, ගවේෂක පතිරආරච්චි නමැති අය විසිනි. පුරාවිද්‍යාව මේ සියල්ලට අන්ධව විශ‍්‍රවස් මිථ්‍යාවක් බව කියති.
රාවණාගේ මව්පස සීයා සුමාලි
මීට පෙරද විස්තර දක්වා ඇති සුමාලි රකුස් රජු රාවණාගේ මව්පස සීයාය. ඇයද දේවයානිට ලැබුණේ කාශ්‍යප මුනි හා එක්වීමෙනි. ඔහුද බෝම්බ දමමින් දිග් විජය කල අධිරාජ්‍ය ගොඩනගන්නකු විය. සුමාලිට සුර ගුප්ත යයි නමක්ද විය. කතිර කුමරුගේ විශාල දේව සේනාවට ගොඩබිම යුද්ධයේදී සුමාලි රකුස් රජු පරාජය විය.

No comments:
Post a Comment