ගණන් කළ නොහැකි තරම් ලොකු කුඩා වැව් රාශියක් රජරට වියළි කලාපය පුරා විසිරී ඇත ලොකු කුඩා වැවක් නොමැති ගමක් නොමැති තරම්ය. ගමට වැවක් යන සංකල්පය වියළි කලාපයට බෙහෙවින්ම ආවේණික ලක්ෂණයකි. වියළි කලාපයේ කෘෂිකර්මාන්තයේ පදනම ද වැවයි. රජරට වැව් බැඳි රාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසාමය. එසේම අනුරාධපුරය ආශ‍්‍රිත නුවර වැව, කලාවැව, පදිවිය වැව යන වැව් තුනට සීමා වූ ප‍්‍රදේහය “නුවර කලාවිය” ලෙස ද හැඳින්වේ. අතීතයේ ලංකාව “පෙරදිග ධාන්‍යාගාරය” නමින් හැඳින්වුණේ ද මෙරට විසිරී පැවති වැව් පද්ධතියෙන් කෘෂිකර්මාන්තයේ සිදුවූ සංවර්ධනය කළමණාකරණය නිසාය.
වැව පුරාණ සිංහලයන්ගේ ජීවිතය හා බැඳුණු අගනා නිර්මාණයකි. රජුගේ සිට සාමාන්‍ය පොදු සැවොම උපරිම අයුරින් වැව් සඳහා තම දායකත්වය සැපයූහ. ඔවුනට වැව සම්පත් දායකයෙකි.
වැවේ ආරම්භය
අදින් වසර 6000කට පමණ පෙර වැව් තැනීම යුප‍්‍රටීස් ශිෂ්ඨාචාරයේ ඇරඹෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. පසුව එය ඉන්දියාවට පැමිණි අතර ආර්යයන් විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව වැව් තැනීම ආසියාවේ එක් තැනක ආරම්භ වී අනෙක් ප‍්‍රදේශ කරා ව්‍යාප්ත වුණා. රජරට මානව ජනවාස බිහි වීමෙන් පසුව කෘෂිකර්මාන්තයේ නියැලූණු ජන කොටස් දිගු කලක් තිස්සේ මෝසම් වැහි රටාව මෙන්ම වියළි කලාපයේ භූ විෂමතාව පිළිබඳව අධ්‍යයනය කළා. එහි ප‍්‍රතිඵලය වූයේ වියළි සමයේ දී ප‍්‍රයෝජනයට ගැනීම සඳහා වැසි සමයේ ලැබෙන ජලය ගබඩා කිරීමට උත්සාහ කිරීමයි. ඒ අනුව නිම්න හරහා මැටියෙන් බැමි බැඳීමෙන් වැව් තැනීම ආරම්භ වුණා.
ඒ ආකාරයට ලංකාවේ මුලින්ම වැව් නිර්මාණය පිළිබඳ වංශකථාවල සඳහන් වන්නේ කි‍්‍ර. පු. 4 වැනි සියවසේ පණ්ඩුකාභය රාජ්‍ය කාළයේදීය. මොහු වැව් තුනක් ඉදිකර පානිය හා දෛනික අවශ්‍යතා සපුරාගෙන ඇත. 3 වැනි සියවස පමණ වන විට සෘජුවම රාජ්‍ය අනුග‍්‍රහය ලබා දී ඇත. වැවක් තැනවූයේ අනුරාධගාමය ජනාවාසයක් බවට පත් කළ අනුරාධ කුමරුය. ක‍්‍රි.පූ. 6 වැනි සියවසේ දී අනුරාධගාමයට දකුණින් කුඩා වැවක් බැඳවීය. පසුව පණ්ඩුකාභය කුමරු විසින් දොරමඬලා වැව, ජයවාපි, අභයවාපි (බසවක්කුලම), ගාමිණීවාපි යන වැව් ඉදි කළේය. ලංකාවේ ඇති පැරණිම වැව ලෙස සැලකෙන්නේ අභය වැවයි.
ශී‍්‍ර ලංකාව අද්වතීය පරිසර පද්ධතියකට, තාක්ෂණයකට මෙන්ම සංස්කෘතියකට ද හිිමිකම් කියයි. ඒ අතරින් විශිෂ්ටතම අංගයක් ලෙෂ වාරි තාක්ෂණය හැඳින්විය හැකිය. වාරි තාක්ෂණයේ සහ සංස්කෘතියේ න්‍යාය වුයේ ද ” අහසින් වැටෙන එක දියබිඳක් හෝ ප‍්‍රයෝජනයට නොගෙන මිස මුහුදට යාමට ඉඩ නොදිය යුතුය” යන සංකල්පයයි. අහසින් වැටෙන දිය දස අතින් ගලායන ප‍්‍රධාන ගංගා 103 ඇතුළු ඇළ දොළ හරහා මුහුදට ගලායාම වලක්වාගෙන ඊළඟ වැස්ස පැමිණෙන තෙක් රැකගැනීමට සිංහලයා විසින් සොබා දහම හා බැඳුනු ජල පද්ධතියක් නිර්මාණය කළේය. පොදුවේ මෙවා තෙත් බිම් ලෙස හැඳින්වේ. එහි ප‍්‍රථිඵලයක් වශයෙන් ශී‍්‍ර ලංකාවේ හැම වර්ග කිලෝමීටර් තුලම හෙක්ටයාර් 3ක දියරැදී ඇති ජල පද්ධති නිර්මාණය කෙරිණ. මේ සඳහා නිර්මාණය වු තෙත් බිම් පද්ධතිය වූයේ වැවයි.
මේ නිසා සිංහලයින්ටම ආවේණික වූ වාරි කර්මාන්තයක් ලක්දිව ගොඩ නැගුණි. කාෂිකර්මාන්තයේ දියුණුව සමග ජනාවාස ව්‍යාප්ත වීම නිසා ජලය පොදු ජනතාවගේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය. ක්රි.පූ. තුන් වන සියවසේ සිට ලංකාවේ වාරි තාක්ෂණය විශිෂ්ඨ නිර්මාණ සේ සැලකිය හැකිය.
වැව
ශී‍්‍ර ලංකාවේ බිහිවු වැව් ලොව කිසිම තැනක ජලය රදවා ගන්නා ජලාශයකට සමාන නොවේ. එය විශීෂ්ට නිර්මණයකි. සංස්කෘතියේ හා සභ්‍යත්වයේ මාහැඟි සංකලනයකි. එය ස්වරූපයෙන් මෙන්ම කාර්යයයෙන් ද වෙනස් විය. මහවැව්, ගම් වැව්, කුළු වැව් ඒ අතර වේ. “තලා”, “කුළු” හෙවත් “කුලම” යන නම්වලින් අතීතයේ දී වැව හඳුන්වනු ලැබුවා. “කුළු” යනු ඉහළින් පිහිටි යන්නය. වැව් ජලය පරිහරණය කරන කෘෂිකාර්මික බිම් පෙදෙස්වල ඉහළින්ම පිහිටියේ වැව නිසා එය “කුළු” යන නමින් හඳුන්වන්නට පැරැන්ණෝ පෙළඹෙන්නට ඇත.
“වැව” යන සිංහල වදන පාලි හා සංස්කෘත භාෂාවල එන “වාපි” යන්නෙන් බිඳුණකි. පැරණි සෙල් ලිපිවල මෙය “වපි” හා “වචි” යනුවෙන් දැක්වේ.
අහසින් වැටෙන ජලය අවුරුද්දේ ඉතිරි වියළි සමය සඳහා ගබඩා කර තැබීම වැවක මූලික කාර්යයයි. වැව් බොහෝමයක ජලය පුරවා ලූ ක‍්‍රම දෙකක් විය. එකක් මෝසම් වැස්සට වැනෙ ජලයයි. අනෙක් ක‍්‍රමය මහවැවකින් හෝ ගඟකින් හරවා එවු ජලයයි. එසේම වියළි කලාපයේ භූගත ජල මට්ටම රැක ගැනීම සඳහා ද වැව මහෝපකාරී වෙනවා. ලංකාවෙන් හතරෙන් තුනක් පමණ අයත් වන්නේ වියළි කලාපයටයි. එහි වී වගාවට ඉතා සුදුසු සරු පසක් තිබුණත් වසර පුරා පැතිරුණු වර්ෂාපතනයක් නොලැබේ. මාස තුනක පමණ කෙටි වර්ෂාවක් පමණයි ලැබෙන්නේ. ඉතිරි මාස නවය පුරා දිගු වියළි කාලගුණයක් පවතිනවා. එම කාලයේ දී කෘෂිකර්මාන්තයට හා එදිනෙදා අවශ්‍යතා සඳහා ජලය ලබා දෙන ජල ගබඩාව වශයෙන් ක‍්‍රියා කරන්නේත් වැවයි. වැව් නිසා වියළි කලාපයේ වාතයේ ආර්ද්‍රතාව (ජල වාෂ්ප ප‍්‍රමාණය) ද හොඳින් පවතිනවා. වියළි කලාපය කෙත් වතුවලින් පිරුණු බිම් පෙදෙසක් බවට පත්ව ඇත්තේ ද වැව් පද්ධතියයි. හැම වැවකටම හිමි වු වැව් තාවුල්ල වැවේ හදවතයි.
වැව හා බැඳුණු ඊට ආවේණික දෙවියකුගේ සංකල්පයත්, වැව හා බැඳුණූ පුද පුජා සිරිත් විරිත් සමුදායක්ද විය. එය පුද පුජාවන්ට සීමා වුවක්ද නොවිණි. වැවේ පැවැත්මක දායක වු වැව් තාවුල්ල, තිස්බඹේ, කට්ටකාඩුව, ගස් ගොම්මන, ලන්ද, කුළු වැව, මූකලාන වැනි පරිසර පද්ධතිය සුරැකීම ද එහි අංගයක් විය. එය හුදු ජලය රදවන ටැංකියකට එහා ගිය අපුර්ව පරිසර පද්ධතිය, ජන ජීවිතය හා සංස්කෘතික රටාව තුළ වු සංකලනයකි. වැව හා බිල්ලා සංකල්පය
සිංහල ජන සමාජයේ කුඩා ළමුන් බිය වැද්දීම සඳහා බිල්ලා යන සංකල්පය යොදා ගන්නවා. මෙහි ඇරඹුම සිදුවී ඇත්තේ ද වැව මූලික කරගෙනයි. ලක්දිව වාරි ඉංජිනේරුවන්ගේ විශිෂ්ඨත්වය ඉතා ඈත අතීතයේ දී ලොව පුරා ප‍්‍රචලිතව තිබුණා. එනිසාම ක‍්‍රි.පූ. 8 වන සියවසේ දී කාෂ්මීරයේ රජතුමා එහි වැවක් කරවා ගැනීම සඳහා සිංහල ඉංජිනේරුවන් ගෙන්වා ගැනීමට ලක්දිවට දූත පිරිසක් එව්වා. අනුරාධපුර යුගයේ දී ඉන්දියාවේ සිට නැව් නැගී පැමිණි මෙම බිල්ලා ගෝත‍්‍රික ජන කණ්ඩායම් සිංහල ශක්තිමත් තරුණයන් එරට වැව් තැනීමට රාත‍්‍රි කාලයේ දී ගම්වලට වැදී බලහත්කාරයෙන් අල්ලා ගෙන ගෙන ගියා. “බිල්ලා” යන සංකල්පය මෙරට ගොඩ නැගුණේ මේ නිසා බව කියැවේ.
වැවක මූලික අංග
වැව් බැම්ම (වැව් කන්ද)
වැවකින් සිදුවන කාර්යය වන්නේ විශල ජල ධාරිතාවක් රදවා ගැනීමයි. ජලය රැස් කර ගැනීම සඳහා දිය පාර හරස් කර බඳින බැම්ම වැව් බැම්මයි. ස්වභාවික කුඩා කඳුගැටවලට සම්බන්ධ කර වැව් බැම්ම තනා ඇත. වැවේ ප‍්‍රමාණය මත වැව් බැම්මේ දිග, පළල, උස හා තාක්‍ෂණය තීරණය වේ. වැව් බැම්මේ පතුල පළල්ය. මුදුන ඊට වඩා පටුය. රැස්වන ජලයේ පීඩනයට ඔරොත්තු දෙන ලෙස අර්ධ කවාකාර හැඩයට ඉදි කරයි. මෙරට සියලූ වැව්වල බැම්ම සාදා ඇත්තේ පස්වලිනි. මහා වැව් තැනීමේ දී ඔයක් ගලා එන නිම්නය හරස් කර බැම්ම බඳින විට එහි දිග අඩු කර ගැනීම සඳහා දෙපස පිහිටි උස් බිම් හා ස්වාභාවික කඳු උපයෝගී කරගනී.
බිසෝ කොටුව:
විශාල වැව්වල අධික පීඩනයෙන් යුතු ජල කඳක් සාමාන්‍ය සොරොව්වකින් පිටතට ගන්නා විට වැව් බැම්මට හානි සිදු විය හැකි නිසා මහා පරිමාණ වැව් ආශි‍්‍රතව බිසෝ කොටු නිර්මාණය කළා. “ආගමනය” හෝ “ගලා ඒම” යන අරුතින් “බිසෝ” යන්නත්, “ගබඩා කාමරය” හෝ “ජලාශය” යන අරුතින් “කොටුව” යන්නත් ගෙන “බිසෝ කොටුව” යන පදය නිර්මාණය කර ඇත. සොරොව්වක තිබෙන ප‍්‍රධාන තාක්ෂණක අංගය බිසෝ කොටුවයි. ගලා එන ජලය ගබඩා කර යළි පිට කරන්නේ බිසෝ කොටුවෙනි. චතුරස‍්‍රාකාර හෝ ආයත චතුරස‍්‍රාකාර ළිඳක් වැනි බිසෝ කොටුව වැවක ඇතුළත වැව් බැම්මට සමීපව ඉදි කර ඇත.
වැවට ජලය ලැබෙන මාර්
ඊසානදිග හා නිරිතදිග මෝසමෙන් වැවට වර්ෂාව ලැබේ. ඊසානදිග මෝසමේ දී බොහෝ විට වැව උතුරා පිටාර ගලයි. මෙය “වාන් දැමීමයි.” ගමික වැව්, දන වැව්වලට වර්ෂාවෙන් ජලය ලැබුණත් ගංඟා සහ ඔයවල් මගින් මහ වැව්වලට ජලය ලැබේ.
සොරොව්ව
වැවේ රැඳවූ ජලය මනා පාලනයකින් යුතුව ගොවි බිම් වෙත දිවෙන ඇළවලට මුදා හැරීමට භාවිත කළ දියුණු තාක්ෂණික අංගය සොරොව්වයි. වැව් බැම්ම හරහා ජලය ලබා ගනී. විශාල වැව්වල සොරොව් වර්ග 2ක් ඇත. එය ගොඩ සොරොව්ව (දිය සොරොව්ව) මඩ සොරොව්වයි ගොඩ සොරොව්ව වැවේ ජලය පිට කිරීම සඳහා වැව් පතුලට තරමක් ඉහළ මට්ටමින් පිහිටා තිබේ. මෙමගින් වැඩිපුර තෙත් බිම් ප‍්‍රමාණයකට ජලය සපයයි.මඩ සොරොව්ව ගොඩ සොරොව්වට යටින් (වැව් පතුල මට්ටමේ) නිමවා ඇත. මෙමගින් වැව සම්පූර්ණයෙන්ම හිස් කළ හැක. වැවට එකතු වන රොන් මඩ පිට කිරීම සඳහා යොදා ගනී.
1980 දශකයේ දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කළ මාදුරු ඔය ජලාශය නිර්මාණය කිරීමේ දී පැරණි මාදුරු ඔයේ පුරාණ සොරොව්ව මතු වීම සිංහලයාගේ සූක්‍ෂ්ම මැනුම් තාක්‍ෂණය විශ්ෂිඨ නිර්මාණයකි.
ඇතුළු වාන
වැවකට බාහිරින් ජලය සැපයෙන විට එම ඇළ වැවට විවෘත කරන්නේ ඇතුළු වාන මගිනි. එහි දී ගලා එන රොන් මඩ වැවට යා නොදී මෙම බැම්ම මගින් සෑදෙන කුඩා ජලාශයක තැන්පත් වේ. බාහිර ජල සැපයුම නවතා දැමූ විට මෙම වානට පිටින් ගොඩ ගැසෙන රොන් මඩ ඉවත් කළ හැක. එනිසා එය “පෙරහනය” ලෙසත් හැඳුන්වයි.
පිටවාන:
වැවේ අතිරික්ත ජලය වහා ඉවත් කළ හැකි ලෙස ඉතා ශක්තිමත්ව ඉදි කරන පළල් බැම්මකි. වැවේ බැම්මේ ආරක්‍ෂාව මෙහි ප‍්‍රධාන කාර්යයි. මෙය බොහෝ විට වැව් බැම්මේ එක් කෙළවරක හෝ දෙකෙළවරෙහිම පිට වාන ඉදි කරයි.පැරණි පඬා වැව් ආශි‍්‍රතව පැරණි පිටවානේ කොටස් හඳුනාගත හැකිය. මේසඳහා සොබාවික ගල්තලාවක් තෝරාගෙන තිබීම විශේෂත්වයකි. පිටවානෙන් පිට කරන ජලය කෙත් බිම්වලට හානි නොකර ඇළ මාර්ග ඔස්සේ ස්වාභාවික දිය බස්නාවකට හෝ වෙනත් වැවකට ඇතුළු කරයි.
කළිඟු බැමි
වැවක පිටවානට පෙර, වැව ඇතුළතින්, වැව් බැම්මට ලම්භකව වැව හරහා යොදා ඇති උස නැති බැම්මකි. බැම්මේ මුදුන වාන් මට්ටමට වඩා පහත්ය. වැව වාන් මට්ටමට එන විට කළිඟු බැම්ම ජලයෙන් වැසී යයි. පිටවාන දුර්වලවී හදිසියේ කඩා ගෙන ගියත් වැවේ වතුර සම්පූර්ණයෙන්ම බැස යාම වැළැක්වීම කළිඟු බැම්ම මගින් සිදුවේ.
වැව් පිටිය
වාන් මට්ටමට ජලය පිරුණු විට වැවේ වතුර පැතිරී ඇති ප‍්‍රදේශය “වැව් පිටියයි.” මෙය වැවක “ගිල්ම”, “දිය ගිල්ම” ලෙස ද හඳුන්වයි. ජලයෙන් මතු වන වැව් පිටියේම ප‍්‍රදේශය “වැව් තාවුල්ල”යි.
වැව් තාවුල්ල
වැවේ උපරිම ජල මට්ටම ලකුණු කරන බිම් රේඛාවට සමීපව වූ ද, වැව දකින මානයේ වැව වටා ඇති ප‍්‍රදේශය තාවුල්ලයි. මෙම ප‍්‍රදේශයේ ශාක, තණ වර්ග හා බිම් පැළෑටි වැවී ඇත. වැව් ජල තලය හා ඉහත්තාව අතර භූමි ප‍්‍රදේශයකි.
ඉහත්තාව
වැවේ පෝෂක ප‍්‍රදේශය ඉහත්තවට අයත්ය. ඉහත්තාවේ පවතින වනයෙන් ජලධාරා පෝෂණය වී වැවට ජලය අඛණ්ඩල ලැබීමට රුකුල්දේ. පැරණි ගම්වැසියන් ඉහත්තාව පණ මෙන් රැකගත්හ.
ඉස්වැටි
වැව ඉහත්තාවේ, වැව පැත්තට වූ දළ බැවුම් සහිත කඳු හා උස් බිම් පාමුල දිගේ පස්වලින් සාදන අඩි 2ක් හෝ 3ක් පමණ උස කුඩා දිගු බැමියි. උස් බිම් පාමුල තෙතමනය රැඳෙන නිසා කුඩා පඳුරු හා තණ කොළ වර්ධනය වේ. වර්ෂා කාලවල දී ගලා එන ජලයේ ඇති පස්, රොන් මඩ ඇතුළු අපද්‍රව්‍ය වැවට ගලා ඒම පාලනය කෙරෙන්නේ මෙම ඉස්වැටි තුළිනි.
වැඩ ඉනා මළු
පැරණි වැව් ගම් හිමියන් තමන්ගේ වැව දෙවියන්ට භාර කරණ ලදී. වැව භාර දේවාත්මයන්ගේ හෝ ජලයට අධිපති දෙවිවරුන්ගේ පිළිරූ හිඳුවා ඇති දේවාල බොහෝ විට වැව් අශී‍්‍රත ඉදිකෙරේ මෙය වැඩ ඉනා මළු ලෙස හැඳින්වේ.
පනම් බැඳි ගස්
කුඩා ගම් වැව්වල වැව් බාර දේවාත්ම සඳහා වැව ආරක්‍ෂා කර දෙන ලෙස කන්නලව් කිරීම් හා බාරහාර වෙන රූස්ස ගසකි. සුදු රෙදි කඩක ඔතා මෙම ගසේ පඬුරු ගැට ගැසීම පනම් බැඳීමයි.
බිසෝ වැව්
වැව් ඉහත්තාවේ විෂමතාව භාවිත කරමින් මෙම වැව් නිර්මාණය කරයි. මේවායේ එක්රැස් කරන ජල ඝනත්වය විශාල නිසා පහළ මවු වැවට අවශ්‍ය වූ විට වරින් වර ජලය මුදා හරී. ජලය පාලනය කිරීමට බිසෝ කොටු සවි කර ඇත. “බිස්සක බඳු ගබඩා කාරියක් සිදු කෙරෙන” නිසා මෙම වැව් බිසෝ වැව් ලෙස හදූන්වයි.
රැළපනාව
වැව් බැම්මේ වැව ඇතුළට ඇති බෑවුමේ කළුගල් කුට්ටි අතුරා රැළපනාවක් සකසයි. හමන සුළඟ නිසා වැවක ජල තලය මතුපිට නිරන්තරයෙන්ම රැලි නැගේ. මේ රැලි නොකඩවා වැව් බැම්මේ වදී. මේ නිසා වැව් බැම්ම සේදී යෑම වැළැක්වීම රැළපනාව ඉදිකෙරේ.
රිදී බැඳිල්ල
ගලන දිය පහරක ඉවුර අසලින් යන්තම් දියට ඇතුළු කරනු ලබන පත්තක් මගින් ජලය ගැලීම අනුශාඛාවලට බෙදයි. එමගින් කැපූ ඇළක් දිගේ ජලය හරවයි. මෙම ක‍්‍රමය රිදී බැඳිල්ලයි.
දියකැට පහණ නවය
වැවේ ජල ප‍්‍රමාණය මනින ජල මාපකය මේ නමින් හැඳින්වේ.
ඇළ මාර්ග
සොරොව්වෙන් පිට කෙරෙන ජලය තෙත් බිම් (කුඹුරු) කරා ගෙ යනු ලබන්නේ ඇළ මාර්ග ඔස්සේය. කලාවැවෙන් ඇරඹෙන සැතපුම් 54 ක් දිග ජය ගඟ නමින් හැඳින්වෙන ඇළ මාර්ගය ඔස්සේ තිසා වැවට ජලය සැපයීම නිදසුන්සේ දැක්විය හැකි. සොරොව්වෙන් ඇරෙඔන ප‍්‍රධාන ඇළ ’‘ මොව් ඇළිනි. තෙත් බිම් කර ජලය රැගෙන යන්නේ බෙඳුම් ඇළ හා තෙත් ඇල දිගේය.
වැව් වර්ගීකරණය
ගමික වැව් (ගම් වැව්)
එදිනෙදා අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීමට ගම් මට්ටමින් ඉදිකරන වැව්ය.
දන වැව් (දාන වැව්)
මධ්‍යම ප‍්‍රමාණයේ වැව්ය. මහ වැවකින් හෝ ඇළ මාර්ග ඔස්සේ ජලය ලබා ගනී. ඇතැම් විට දන වැව් මගින් කුඩා පෝෂණය කෙරේ.
මහ වැව්
මහා පරිමාණ වැව්ය. අක්කර දහස් ගණනක විශාලත්වයෙන් යුක්තය. මින්නේරිය, බසවක්කුලම, කලාවැව, තිසා වැව නිදසුන්සේ දැක්විය හැකිය.
ඈඳුතු වැව්
වැව් දෙකක් එකට යා කර නිර්මාණය කර ඇත. ජල ධාරිතාව වැඩි කර ගැනීම මෙන්ම එකිනෙකේ ආරක්‍ෂාව ද ඇඳුතු වැව් මගින් සැලසේ. එක් වැවක් විනාශ වුව ද අනෙක් වැවේ ජලය සුරැකිව තිබීම ඇඳුතු වැව් මගින් සිදුවේ. වැව් දෙක යා කෙරෙන්නේ “කළිඟු බැම්මෙනි” මෙය ප‍්‍රධාන වැව් බැම්මට වඩා මදක් උසින් අඩු බැම්ම.
නිදසුන්සේ කලා වැව, කලා හා බළලූ වැව් යා කර ඉදි කර තිබිම දැන්විය හැකිය.
කුළු වැව්
කුඩා ජලාශ වර්ගයකි. “කුළු” යනු “ඉස්මත්තේ වූ” යන්නයි. ඒ අනුව ප‍්‍රදේශයේ ඉහළින් පිහිටියා වූ වැව් “කුළු වැවයි. මහ වැවට ඉහළින් ඇති මේ කුඩා ජලාශ නිසා එම ප‍්‍රදේශයේ භූගත ජල පද්ධතිය ද සුරැකේ. මහ වැසි අවසාන වුව ද මහ වැවට මෙමගින් උල්පත් මගින් ජලය ලැබේ. මේවා “උල්පත් වැව්” ලෙස ද හැඳින්වේ. මේ වැව් අවට දඩයම් බහුල නිසා “දඩයම් වැව්” යන්න ද භාවිත කරයි.
වැව් තැනූ රජවරු
අනුරාධ කුමරු
පණ්ඩුකාභය – ජයවාපි, අභයවාපි, ගාමිණීවාපි
දේවානම්පියතිස්ස – තිසා වැව
සද්ධාතිස්ස – පදී (පදවිය), කටන්නරු, දිවුගුණ, නාපියොබ, සොඳිගමු, උතුරළ, රැඳලා, මහගුරුළුරැන්ද, කැන්දලා, මාමඬලා, නාතලෙ
වසභ – මයෙත් වැව, රජුපුල් වැව, කොලබෑගම් වැව, මානිකවිටි වැව, වාතමඟන වැව, අබිවඩමන් වැව, මාගම වැව් දෙක, කේහාල වැව, කේලිවාස වැව, ඇඹිටි වැව
මහසෙන් – මින්නේරිය, මහවැව, ජල්ලූර වැව, මහාදාරගල්ලක වැව, කලූපහන් වැව, සීරු වැව, මාගල් වැව, වෙලංවිටි වැව, තිහව වැව, රත්මල්කඩ වැව, වාහත වැව, කුම්බාලක වැව, පරක වැව, මොනරා වැව, මාමිණියා වැව, කෝකවාත වැව.
I උපතිස්ස – රජුපුලා, ගිජුකුල, පොකුරුපස, වලහස, ඇඹිටිය, ගොඩිගමුව.
ධාතුසේන – කලාවැව, පාදුලක, හඹලටි, මහාදත්ත, බදුලූ, කෙළවසා, කළුන්තරු, දනවල්ල, උදන්විට, පානගමු, කිත්මිණි, මහඩබරා, සංගමු. සුරුළු, මහම්දෙල්, මලාසු, මහඇලි, මානාවතු.
II මුගලන් – පත්පහන් වැව, දන වැව, ගිරිතර වැව.
I අග්බෝධි – සිරිවඩමන් වැව, කුරුන්ද වැව, මීන්තලා වැව
II අග්බෝධි – ගංතලා (කන්තලේ වැව), වලස්වැව, ගිරිතලා වැව.
I පරාක‍්‍රමබාහු – පරාක‍්‍රම සමුද්‍රය (තෝපා වැව, එරබදු වැව, දඹුලූ වැව, කලහගල වැව, බුවැව එක් කර සාදා ඇත.)
වැව් තැනූ ප‍්‍රභූවරු
බුලතා යෝධයා – සොරබොර වැව.
ඌරු සිටාණන් – ඌරුසිටා වැව
හිටිහාමි යෝධයා – කොහොඹෑව
වැව් බදු හා නීති
මෙම බදු වැවේ නඩත්තුවට යෙදවුණි. උදක භාග, දක භාග, දියබෙදුම් බදු වැනි බදු පැවතුණි.
ඕනෑම ජලාශයකින් ගොවිතැන් පිණිස ජලය ලබාගත් විට ඒ සඳහා රජය බද්දක් අය කර ගනී. වැවක කුඩා ඇළ මාර්ගවලින් ලබාගත් ජලයෙන් වගා කළ කුඹුරුවල අස්වැන්නෙන් තුනෙන් කොටසක් බදු ලෙස ගැණුනි. දිය බද්ද භික්‍ෂූන් වහන්සේලාගේ නඩත්තුවට යොදවා ඇත. වැව්වල මත්ස්‍ය සම්පත ජලාශ හිමිකරුවන්ගේ පෞද්ගලික දේපළක් නිසා මසුන් මැරීම තහනම්ය.
වැව් තහංචි
වැවේ රාජකාරිය :- වැව වෙනුවෙන් කළ යුතු දේවල්ය.
තහංචිය :-වැව වෙනුවෙන් නොකළ යුතු දේවල්ය.
අණ බෝල බැඳීම :- තහංචි පැනවිම, “අණබෝල බැඳීම” ලෙස ද හැඳින්වේ. එහි දී මිනිසාගේ උසට සරිලන දිවි කදුරු ඉත්තක් මුදුණේ අතු තුනක් ඇති බෝල්පනා කොළ අතු මිටියක් බඳී. මෙය යම් තැනක සිටුවීමෙන් තහංචිය පැනවේ. කුකුළා හැඬලීමට පෙර සිදු කරයි. වෑ කන්ද, අමුණ, වැව් පිටිය වාන යන ස්ථානවල අණබෝල බඳී.
තමන්ගේ කුඹුරු පංගුවේ වේල්ල නියමිත ලෙස නොබැඳ ඇළෙන් ගලා බසින ජලය අවහිර කිරීම, සොරොව්වෙන් ජලය වැටෙන අමුණ කපා තමාගේ කුඹුරට වැඩිපුර ජලය ගැනීම, වේල්ල කපා ජලය ලබා ගැනීම, ඕළු, නෙළුම් වැනි අල හෑරීම වැළැක්වීම, වියළි කාලයේ කුඩා මසුන් ඇල්ලීම වැළැක්වීම වැනි කාර්යයන් සඳහා අණබෝල බැඳීම තහංචිය පැනවේ.
වැවේ කට්ටි කැපීම
පොළොවේ දිග, පළල අඩි දහය බැගින් හා ගැඹුර අඩියක් වූ කොටස කට්ටියක් ලෙස හැඳින්වේ. වැව් කණ්ඩිය සමීපයේ වැව ඇතුළු පැත්තේ මෙම කැපීම සිදුකරයි. වැවේ රොන් මඩ තැන්පත්ව ඇත්තේ මෙහිය. මෙමගින් රොන් මඩ ඉවත් කිරීම සිදු කරයි. කපා ඉවත් කරන පස්වලින් වැව් බැම්ම අළුත්වැඩියා කෙරේ.
දියමංකඩ
දිය පරිහරණයට ගන්නා ස්ථානයක් ඇත. ඕනෑම තැනකින් වැව් දියටබසීම සිදු නොකරයි . ඒ සඳහා නියමිත පවතී. ඒ “මංකඩයි”
නාන මංකඩ – නෑම
බොන මංකඩ – බීම
රදා මංකඩ – රෙදි සේදීම
වැව් චාරිත‍්‍ර වාරිත‍්‍ර
වැව් ගම් වැසියෝ කිසිම විටක රක්ත වර්ණ ඇඳුම් ඇඳ ගෙන වැව් බැම්මෙන් ගමන් නොකරති. කුඩයක් ඉහළා ගෙන නොයති. කරේ තුවායක් ඇත්නම් අතට ගයි. වැව් කන්ද මතින් කිසි විටකත් මළ සිරුරක් ගෙන නොයති. එසේ වුවහොත් වැවටත්, ගමටත් විවිධ අපල උපද්‍රව ඇති වන බව වැව් ගම්වැසියන්ගෙ විශ්වාසයයි.
මුට්ටි තැනීමේ මංගල්‍යය
මුට්ටියේ ඇති කිරි වැව් ජලයට මුසු වීමෙන් ගොවිතැන් සශ්‍රීක වෙතැයි මතයක් පවතී.
පූජා වෙඩිල්ල
වැව් බැම්ම බිඳී යාමේ අනතුරට ලක්ව ඇති විට ඒ විපතින් වැව බේරා ගැනීම සඳහා මෙය සිදු කරයි.
කිරි ඉතිරවීමේ මංගල්‍යය
පැන් පෙරහැර
පැන් පෙරහර කරන්නේ තිසා වැව් ගම් තුළානේ ගැමියන් පමණී. සිනාන පූජා ලෙසත් මෙය හැඳින්වේ.
වැහි පිරිත් මංගල්‍යය
වර්ෂාව නොමැති කලවල අපේ රටේ මෙවැනි පිරිත් මංගල්‍ය සිදු කරයි. නමුත් වැව් ආශ‍්‍රිතව වර්ෂාව පතා කෙරෙන මෙම කණ්නලව්ව රජරටට ආවේණික වූ දේශනයකි.
වැව වටා බැඳි දෙවිවරු
අයියනායක දෙවියෝ
වැව් බැඳි රටට අධිපති දෙවියන් අය්යනායකය. වැවට අධීපති දෙවියන්ද ඔහුය. වැව හා බැඳුණු පූජා කර්මවලට සම්බන්ධ ප‍්‍රධාන දේවතාවයි. “අත්තප්පා”, “මුත්තප්පා” වැනි නම්වලින් ද අයියනායක දෙවියන් හැඳින්වේ. වැව්
බැඳි රටේ ගැමියෝ “වන්නියා බණ්ඩාර” නමින් ද කයියර්” නමින් දෙමළ බසින් ද අයියනායක දෙවියන් හඳුන්වති.
මින්නේරි වැව-මින්නේරි දෙවියෝ
පදවිය වැව-පදවි දෙවියෝ
කලා වැව-සෙනෙවිරත් බණ්ඩාර කඩවර දෙවියෝ
නුවර කලාවිය-පුල්ලෙයාර් මුත්තා
උපුටා ගැනීම
අපේ ශිෂ්ඨාචාරයේ පදනම වැටුනු වැව් පද්ධතිය